උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක

By Zara Apr 16, 2025 01:05 PM GMT
Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

බාප්පාට පුතා දුන් දඬුවම – වැල්ලවායෙන් ඇසෙන කඳුලු කතාව

බාප්පාට පුතා දුන් දඬුවම – වැල්ලවායෙන් ඇසෙන කඳුලු කතාව

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්