බාප්පාට පුතා දුන් දඬුවම – වැල්ලවායෙන් ඇසෙන කඳුලු කතාව

Report

වැල්ලවාය, රණවර්ණාව ප්‍රදේශයේ දී ගලකින් පහරදී පෙරේදා (14) අලුයම පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

එහිදී මියගිය තැනැත්තාගේ හිස ප්‍රදේශයට ගලකින් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හදිස්සි වෙන්න එපා - SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්නලු!

හදිස්සි වෙන්න එපා - SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්නලු!

මෙසේ මියගොස් ඇත්තේ රන්දෙණිය ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු පනස් පහක පුද්ගලයකු වන අතර, පහරදීම සිදුකල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු විසිහයක පුද්ගලයකු වන අතර, තම පියා ඝාතනය කල පලිය ගැනීමට තමන් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරු පොලිසිය හමුවේ මූලික විමර්ශනවලදී සඳහන් කර තිබෙනවා.

ඝාතනයට ලක් වී ඇත්තේ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ බාප්පා බවයි පොලිසිය සඳහන් කළේ.

හෙටත් ක්‍රියාත්මකයි - ගමේ ඉඳලා එන අයට විශේෂ දැනුම්දීමක්

හෙටත් ක්‍රියාත්මකයි - ගමේ ඉඳලා එන අයට විශේෂ දැනුම්දීමක්

අද දින මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර සැකකරුගේ පියා ඝාතනය කල බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක් වන බවත් පොලිසිය සඳහන් කළා.