රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

Report

06V2C21 චක්‍රලේඛයෙහි දැක්වෙන වගන්ති කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ නව උපදෙස් සංග්‍රහයට අනුව සතියකට ගුරුවරුන්ගේ කාලච්ඡේද 05ක්, අධීක්ෂක ගුරුවරුන්ගේ කාලච්ඡේද 2ක්, සහකාර විදුහල්පතිවරුන්ගේ කාලච්ඡේද 02ක් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ කාලච්ඡේද 02ක් අඩු කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාල සටහන් සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩල උපයෝජනය කිරීම පිළිබඳ උපදෙස් සංග්‍රහය මැයෙන් මෙම උපදෙස් සංග්‍රහය නිකුත් කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලු වැව මහතා සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත්/ කලාප/ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු පරිවේණාධිපති හිමිවරු හා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්ට ඉකුත් සිකුරාදා (2දා) මේ බව දැනුම්දී තිබේ.

ගුරුවරයකු සතියකට කාලච්ඡේද 35ක් සේවය කළ යුතු බවටත් එයින් කාර්යබද්ධ නිදහස් කිරීම්වලදී හැර අවම වශයෙන් සතියකට කාලච්ඡේද 28ක් විෂයානුබද්ධව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත විය යුතු බවටත් එමඟින් අවධාරණය කර ඇත.

රනිල් අත්අඩංගුවට - රනිල්ගේ විමර්ශනය ගැන නීතිපති CIDයෙන් වාර්තාවක් ඉල්ලයි

රනිල් අත්අඩංගුවට - රනිල්ගේ විමර්ශනය ගැන නීතිපති CIDයෙන් වාර්තාවක් ඉල්ලයි

මෙතෙක් ක්‍රියාත්මක වූ 2021 චක්‍රලේඛයේ 01 වගන්තියේ දක්වා තිබුණේ ගුරුවරයකු සතියකට කාලච්ඡේද 40ක් සේවය කළ යුතු බවයි. එයින් කාර්යද්ධ නිදහස් කිරීම්වලදී හැර ගුරුවරයකු අවම වශයෙන් සතියකට කාලච්ඡේද 30ක් විෂයානුබද්ධව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත විය යුතු බවද එහි සඳහන් විය.

06V2C21 චක්‍රලේඛයෙහි අංක 92 සහ 93 වගන්තියෙහි අධීක්ෂක ගුවරයකු සතියකට කාලවේඡ්ද 6ක් ඉගැන්විය යුතු බවට දන්වා තිබුණද නව සංශෝධනය අනුව එම ගුරුවරයකු සතියකට කාලච්ඡේද 4ක් ඉගැන්විය යුතු බවට අවධාරණය කර ඇත.

එසේම 06/2021 චක්‍රලේඛයෙහි  වගන්තිය අනුව සහකාර විදුහල්පතිවරු සතියකට කාලච්ඡේද 12ක් අවම වශයෙන් ඉගැන්විය යුතු බවට දන්වා තිබිණ. නව සංශෝධනය මඟින් සහකාර විදුහල්පතිවරු සතියකට කාලච්ඡේද 1ක් අවම වශයෙන් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත විය යුතු බවට දැනුම්දී ඇත.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

ශ‍්‍රී ලන්කන් ගුවන්සේවය පිළිබඳව කනගාටුදායකය පුවතක්

ශ‍්‍රී ලන්කන් ගුවන්සේවය පිළිබඳව කනගාටුදායකය පුවතක්