දීමනාවක් ඉහළට?. මේ ඒ ගැනයි..

Report

පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

දීමනාවක් ඉහළට?. මේ ඒ ගැනයි.. | Allowance For Pre School Teachers

ඒ සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී සාකච්ඡා වූ බව සඳහන් වේ.

මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ය.

කෙසේ වෙතත්, මේ වනවිට දිවයිනේ පෙර පාසල් ගුරුවරුන් ලෙස 34,000ක් පමණ පිරිසක් කටයුතු කරනු ලබයි.

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..


මේ අතර, සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කර ගෙනයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ද සේවා දිගුවක් ලැබී ඇත්තේ.

දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සියලු ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිවරයා ගත් මෙම තීරණයත් සමඟ ලබන දෙසැම්බර් මාසය වන තෙක් ඔවුන්ගේ තනතුර බලාත්මක වනු ඇති.

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..


ඒ, අනුව ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට පහසුවක් වනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.