අනිද්දා ලංකාවෙම පාසල් වැසෙයි?. කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

SL Protest Strike Sri Lanka Sri Lankan Schools Latest Headlines Teachers
By krishani Jul 03, 2024 03:28 PM GMT
krishani

krishani

Report

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අනිද්දා ලංකාවෙම පාසල් වැසෙයි?. කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න. | Teacher Principal Protests

ඒ තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බවයි.

ඔවුන් සඳහන් කළේ ඊයේ (02) දිනයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි.

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..


ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් පැවසීය.

කෙසේ වෙතත්, වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.

මේ අතර, ඔවුන් ඊයේ දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත විය.

එමෙන්ම (01) වෙනිදා ඔවුන් පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක ද නිරත විය.

ලංකාවටම වැදගත් දවසක්.. හරියටම අගෝස්තු 01 වැනි දා.. එදින මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට කරන්න යන විශේෂ දෙය..

ලංකාවටම වැදගත් දවසක්.. හරියටම අගෝස්තු 01 වැනි දා.. එදින මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට කරන්න යන විශේෂ දෙය..


කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් ය.