ඉන්දීය ව්‍යාපාරිකයා තෑග්ගට එවපු හාල් කන්ටේනර් පහට ආණ්ඩුව කරපු කැත වැඩේ
ඉන්දියාවේ ව්‍යාපාරිකයෙක් නොමිලේ සහල් මෙට්‍රික් ටෝන් 130ක් ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා ඇති ජනතාව වෙනුවෙන් බෙදා දීමට ලංකාවට එවා තිබේ.
නමුත් මෙම කන්ටේනර් පහ මේ වන විට මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවාගෙන සිටින බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුනි මහතා ප්‍රකාශ කරයි.
ඔහු සඳහන් කරන ආකාරයට කීරි පොන්නි සම්බා තොගයක් අදාළ ව්‍යාපාරිකයා නැව් ගාස්තුද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළඳ අමාත්‍යාංශය දැනුම් දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශවීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා ප්‍රකාශ කරන බව කී ඒ මහතා නොමිලයේ ලැබෙන්නේ නම් සහල් කන්ටේනර් 200 කට හෝ අනුමැතිය ලබාදිය හැකි යැයි පවසා වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් තමන් නොමඟ යැවූ බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම සහල් තොගයෙක් කොටසක් මෙරට ප්‍රධානම ආගමික නායකයෙක් ද ජනතාවට පරිත්‍යාග කිරීමට ඉල්ලීමක් ද කර තිබූ බවත් ජනතාවට සහන දීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි පරිත්‍යාගවලින් තීරු බදු නිදහස් කිරීම බවත් ඒ මහතා පැවසීය.
මෙම සහල් තොගය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සහල් තොගය පිළිබඳව දැනුවත්ව නොමැති බවත් ඒ පිළිබඳව සොයාබලා ප්‍රකාශයක් නිකුත් කරන බවත්ය.