වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක පාසල් දැරියන්ගේ වතුර බෝතල්වල පෙති වර්ගයක් - පානය කළ සිසුවියන් රෝහලට
වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව එම ජලය පානය කළ බව කියන 08 වසරේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනකු මාරවිල මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
පොලිසියේ සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම දැරියන් තිදෙනා පාසලේ උදෑසන රැස්වීමට ගොස් යළි පන්ති කාමරය වෙත පැමිණ එක් දැරිකගේ පානීය ජල බෝතලය ගත් විට එහි ජලය සමඟ පෙත්තක් සහ පෙන ඇවිත් ඇති බවට දැක ඇති බවයි.
පසුව එම බෝතලෙන් ජලය පානය නොකර අනෙක් දැරියකගේ ජල බෝතයෙන් දැරියන් තිදෙනාම ජලය පානය කර ඇත.
එසේ ජලය පානය කිරීමෙන් පසුව ඇතිවූ තිත්ත ගතිය හේතුන් දැරියන් විසින් වතුර බෝතලය පරීක්ෂා කර තිබෙන අතර එම බෝතලේ ද පෙති තුනක් ඇති බවට දැක දැරියන් විසින් මේ සම්බන්ධව පාසලේ විෂය භාර ගුරුතුමිය දැනුවත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව විදුහල්පති විසින් දැරියන් තිදෙනා වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් පරීක්ෂා කර බැලීමෙන් පසුව වෛද්‍යවරුන් දැරියන්ට කිසිදු ගැටළුවක් නොමැති බවට ප්‍රකාශ කර ඇති අතර ඉන්පසුව ඔවුන්ව යළි පාසල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන්.