T 20 ලෝක කුසලානය අතරතුර හදිසියේම ගැසට් නිවේදනයක්? - ක්‍රිකට් පරිපාලන නිලධාරීන් ගැන ගත් තීරණය මෙන්න.

Report

විස්සයි - 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

එමඟින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.

ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.


ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව තිබෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

එමෙන්ම මෙම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියා.   

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.