විදේශ ඇමති විජිත හේරත් සහ ස්වීඩන් තානාපති අතර හමුවක් [PHOTOS]
නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ දින (03) එම අමාත්‍යංශයේ දී පැවැත් වූ බව වාර්තා වේ.
එහිදී රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විදෙස් අමාත්‍යවරයා විසින් ස්වීඩන තානාපතිවරයා දැනුවත් කර තිබෙන බව මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණුව සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම එහිදී අමාත්‍යවරයා ස්වීඩනය ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා ඉතිහාසය පුරා කර ඇති සේවය හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජන පිළිබඳව ද අගය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ හා ඛණිජ හා කැනීම් කටයුතුවල ආයෝජන අවස්ථා රැසක් පවතින බැවින් එම අවස්ථා කෙරෙහි ආයෝජකයන් උනන්දු කරවන ලෙසය.
ශ්‍රී ලංකා රජයේ ස්තීරසාර හා අධිෂ්ඨානශීලී පියවරයන් ස්වීඩනය විමසිල්ලිනේ බලා සිටින බව ද තව තවත් ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, අදාළ ආයතන සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙම හමුවේ දී තානාපතිවරයා දැනුම් දී ඇත.




