නන්දන ගුණතිලකට ගම්මන්පිලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි

Report

පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාට සහ එම කොමිසමට අපහාස සිදු කළ බව පවසමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලාඊයේ (03දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවට සිදුකරන ලද අපහාසයක් ලෙස වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉලක්ක කර අදාළ හිටපු මන්ත්‍රීවරුන් අපහාස කර ඇතැයි මෙම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා වත්මන් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ වගකීම් දැරූ පුද්ගලයකු ලෙස හඳුන්වා පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සහ ප්‍රධාන මාධ්‍යයේ කතාබහට ලක් කර ඇතැයි ද පුරවැසි බලය සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත්  පවසා  තිබේ.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, රංග දිසානායක මහතා විනිසුරුවරයෙක්ව සිටියදී නීත්‍යනාකූල නොවන ආකාරයට තම දරුවා පාසලකට ඇතුළත් කළේ යැයි චෝදනා කර ඇතැයි ද  සමාජ මාධ්‍යයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී ප්‍රකාශ කර ඇතැයි ද පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා සිය පැමිණිල්ලෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්