ඕමානයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සැකකටයුතු ලෙස මරණයට

Sri Lanka Heart Attack Death Oman
By Piyumika May 30, 2024 11:19 AM GMT
Piyumika

Piyumika

Report

පසුගියදා ඕමානයේදී සැකකටයුතු ලෙස මියගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු පිළිබඳ ඕමානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් දැනුම් දී තිබුන අතර හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇතත් මරණයට හේතුව නිශ්චිතව අනාවරණය කර ගැනීමට රෝහල් බලධාරීන්ට නොහැකි වී ඇති බව වාර්තා විය.

ගලේවෙල ප්‍රදේශයේදී මගීන් සමග බසයක් පැහැර ගනී

ගලේවෙල ප්‍රදේශයේදී මගීන් සමග බසයක් පැහැර ගනී

ඕමානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් හෙළිදරව් කර ඇත්තේ ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනාම නිවසක් තුළ මියගොස් සිටියදී ඕමාන පොලිසිය විසින් සොයා ගත් අතර පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් තිදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහල් ගත කර පසුව පොලිස් භාරයට ගෙන ඇත.

මියගිය ශ්‍රී ලාංකිකයින් තිදෙනා අතර එක් අයෙකු සංචාරක වීසා මත පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා ඕමාන් නේවාසික කාඩ්පත් හිමිකරුවන් බව ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රකාශ කළේය.

විදුලිබල පනතට කරන්න යන දේ මෙන්න.

විදුලිබල පනතට කරන්න යන දේ මෙන්න.

මොවුන් පින්තාරු කරන්නන් සහ ආපනශාලාවල සේවයේ යෙදි සිට ඇති අතර. මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

ඕමානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් මෙම මරණ පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට දන්වා ඇති අතර, ඉන් අනතුරුව විදේශ අමාත්‍යාංශය ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීමට පියවර ගෙන ඇත.

වධකාගාරයෙන් බේරී පොලිසියට බාරවූ සිසුවියන් හමුවීමට දෙමව්පියන්ටද තහනම්.

වධකාගාරයෙන් බේරී පොලිසියට බාරවූ සිසුවියන් හමුවීමට දෙමව්පියන්ටද තහනම්.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.