ගෙලෙහි තුවාල සහිත මහ මග සැක කටයුතු මරණයක් ..
By Piyumika
දෙහිඅත්තකණ්ඩිය මුවපැටිකේවෙල ප්‍රදේශයේ පිටවාන මාර්ගයේ පුද්ගලයෙක් මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබේ .
මරණකරු වයස අවුරුදු 31ක් වූ මුවපැටිකේවෙලප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි මරණකරු උඩුබැලි අතට වැටී සිට ඇති අතර, ඔහුගේ බෙල්ලේ තුවාල ලකුණක් සහ ශරීරයේ හා ඒ අවට ලේ තැවරී ඇති බව පොලිසිය පැවසීය .
ඔහු වැටී සිටි ස්ථානයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ඔහු පැමිණි යතුරුපැදියද හමුව තිබේ .
මෘත ශරීරය කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .