ඔබේ හිතවතෙක් හෝ ඥාතියකු අතුරුදහන් වූවාද?..බලන්න මේ විස්තර ගැලපෙනවාද කියලා..

By Piyumika Jul 29, 2024 02:57 AM GMT
Report

සීදූව කිදිගොඩ ප්‍රදේශයේ දඩු ගං ඔයේ මියගිය පිරිමි පුද්ගලයෙක්ගේ මෘත දේහයක් ඇති බවට ඊයේ (28) සීදූව පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ .

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිසා හබරාදූව බියෙන්..

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිසා හබරාදූව බියෙන්..

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අගල් 10ක් පමණ පුද්ගලයෙකි .

ඔහු අවසන් වරට කොළ පැහැති ටී ෂර්ට් එකක් ද කළු සහ කහ පැහැති බතික් සරමක් ඇද සිට ඇත.

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා..

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා..

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ .

ඒ අනුව, සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .