අභිරහස් මළසිරුරු දෙකක්
Police spokesman
Sri Lanka Police
Crime
Sinhala news
By Akash
බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවට ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.
එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මව විසින් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ බව සඳහන්ය.
මේ අතර වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය පැවසීය. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
