වැටලීමකින් හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

By Piyumika Jan 29, 2025 03:56 AM GMT
Report

මුල්ලේරියාව පොලිස් වසමේ උඩමුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නව ජනපති පවා කලබල කළ..තාක්ෂණික සමාගම්වල කොටස් තියුණු ලෙස පහතට ඇද දැමු DeepSeek..

නව ජනපති පවා කලබල කළ..තාක්ෂණික සමාගම්වල කොටස් තියුණු ලෙස පහතට ඇද දැමු DeepSeek..

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (28) අලුයම මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී නිවසක සිදුකළ වැටලීමෙන් හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 218ක්, එම ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 667,000ක්, ජංගම දුරකථන 03ක් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් කාර් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන ඇහෙන අලුත්ම කතාව..

ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන ඇහෙන අලුත්ම කතාව..

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  

You may like this video