නව ජනපති පවා කලබල කළ..තාක්ෂණික සමාගම්වල කොටස් තියුණු ලෙස පහතට ඇද දැමු DeepSeek..

Donald Trump United States of America China World
By Piyumika Jan 29, 2025 03:06 AM GMT
Piyumika

Piyumika

Report

චීන සමාගමක් වන DeepSeek විසින් නිර්මාණය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාවක් මේ වන විට අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙනවා.

එය පසුගිය 2023 ජූලි මාසයේදී දි ආරම්භ කළ සමාගමක් වූවත්, DeepSeek AI යෙදුම අමෙරිකාවට නිකුත් කර තිබුණේ පසුගිය 10 වනදායි.

මේ වන විට ඇපල් උපාංගවල වැඩිපුරම නොමිලේ බාගත කළ යෙදුම බවට එය පත්ව තිබීම විශේෂත්වයක්.

මෙම යෙදුමේ හදිසි ජනප්‍රියතාවය මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් වෙනත් AI සමාගම් හා සසඳන විට DeepSeek හි අඩු පිරිවැය හේතුවෙන් මූල්‍ය වෙළඳපොළවල් කඩා වැටී ඇති බව සඳහන්.

DeepSeek ට වඩාත්ම විශ්මයජනක හා ආකර්ෂණීය ඉදිරි ගමනක් ඇති බවයි අමෙරිකානු සිලිකන් නිම්න ව්‍යාපාර විශ්ලේශකයන් ප්‍රකාශ කර ඇත්තේ.

බේරේ වැවේ සතුන් මිය ගියේ ඇයි?..

බේරේ වැවේ සතුන් මිය ගියේ ඇයි?..

DeepSeek සමාගම පවසන්නේ එහි නවතම AI මාදිලි අමෙරිකා එක්සත් ජනපදයේ කෘතිම බුද්ධි කර්මාන්තයේ ප්‍රමුඛ මාදිලි සමඟ සමාන බවයි.

නමුත් ChatGPT වැනි AI මාදිලි නිර්මාණය කිරීමට වැය කළ පිරිවැයෙන් කොටසකක් පමණක් DeepSeek නිර්මාණයට වැයවීම විශේෂත්වයක්.

මෙම යෙදුම පිටුපස සිටින පර්යේෂකයන් පවසා ඇත්තේ එය ගොඩනැගීමට ඩොලර් මිලියන 6 ක් (£4.8) පමණක් වැය වූ බවයි.

එය අමෙරිකා එක්සත් ජනපදයේ AI සමාගම් විසින් වියදම් කරන ලද බිලියන ගණනට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් ඔවුන් සඳහන් කරනවා.

DeepSeek යනු ගිනිකොනදිග චීනයේ හැංෂෝ නගරයේ ආරම්භ කරන ලද චීන කෘතිම බුද්ධි සමාගමක් වන අතර, මේ වනවිට අමෙරිකානු කෘතිම බුද්ධි කර්මාන්තය උඩු යටිකුරු කිරීමට සමත්ව තිබෙනවා.

චීන සමාගමක් වන DeepSeek හි නැගීම ගැන සඳහන් කරමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය හඳුන්වා ඇත්තේ, DeepSeek යනු නිදා සිටින අමෙරිකානු තාක්ෂණ කර්මාන්තයට “අවදි කිරීමේ ඇමතුමක්” බවයි.

අනියම් පෙම් රස විදින්න ගිය හැට හැවිරිදි පුද්ගලයාට නොහිතු ප්‍රහාරයක්..

අනියම් පෙම් රස විදින්න ගිය හැට හැවිරිදි පුද්ගලයාට නොහිතු ප්‍රහාරයක්..

එහි ක්ෂණික නැග්ම , අමෙරිකානු කෘතිම බුද්ධි වෙළෙඳපොලේ දැවැන්තයින්ව කම්පනයට පත් කර තිබෙනවා මේ වන විටත්, Nvidia වැනි ප්‍රධාන තාක්ෂණික සමාගම්වල කොටස් තියුණු ලෙස පහත වැටී ඇති අතර, එහි වෙළෙඳපොල වටිනාකමෙන් ඩොලර් බිලියන 500 (£400බි ) කට වඩා අහිමි වී ඇති බව සඳහන්.

R1 මාදිලිය එහි අමෙරිකානු ප්‍රතිවාදීන්ගේ පිරිවැයෙන් සුළු කොටසකට නිපදවා ඇති බවට DeepSeek කරන ප්‍රකාශය කර්මාන්තය කම්පනයට පත් කර තිබෙනවා.

මෙම චීන යෙදුම අමෙරිකාවේ AI ආධිපත්‍යයේ අනාගතය සහ එක්සත් ජනපද සමාගම් සැලසුම් කරන ආයෝජන ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්න මතු කරන බවයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.   

You may like this video

ReeCha