සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්
අද (23) ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත්වීම ඉල්ලා ඔහුගේ පවුලේ පිරිස ලිපියක් යොමුකර තිබේ.
අද පෙරවරුවේ එම ලිපිය ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාරදීම සිදු වී ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.
සුරේෂ් සලේ මහතා සම්බන්ධව ශ්‍රී ලංකා කතෝලික සභාවේ පියතුමන් කිහිප දෙනකුම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් දක්වා ඇති අතර එවන් පසුබිමක සුරේෂ් සලේ මහතාගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ වෙත ලිපියක් යොමුකිරීමට මෙලෙස පියවර ගෙන ඇත.