කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(10) දින පාර්ලිමේන්තුවේදී, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ඊට අදාළ තොරතුරු වසං කිරීමේ චෝදනා මත හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ප්‍රකාශ කළා.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට සති තුනකට පමණ පෙර, සුරේෂ් සලේ මහතා විසින් මුස්ලිම් ජාතිකයන් සිව්දෙනෙකු යොදවා මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල පැවැත්වෙන මෙහෙයන්ට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව ඇතුළු සංවේදී තොරතුරු රැස් කර තිබෙන බව විමර්ශනවලදී හෙළි වී තිබෙන බවයි.
"තුවාන් සුරේෂ් සලේ යන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියා විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති තුනකට පමණ පෙරාතුව මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිහිටි දේව මෙහෙයන්වලට සහභාගී වන පුද්ගලයන් සංඛ්‍යාව ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කර තිබෙනවා...."
එමෙන්ම තොරතුරු රැස් කිරීමට යොමු කළ පිරිසේ සිටි ප්‍රධාන පුද්ගලයා 'අයි.එස්.අයි.එස්' (ISIS) මතවාදියෙකු බවත්, ඔහු ප්‍රහාරයෙන් අනතුරුව අතුරුදන්ව ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
එමෙන්ම ඊට අමතරව, සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට යුද හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු නොසලකා හරිමින්, එම තොරතුරු ලබා දුන් තොරතුරුකරුට හිරිහැර කර අනතුරුව ඔහුගෙන් සමාව අයැදීමට ද සලේ මහතා කටයුතු කර ඇති බව ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුව දැනුවත් කළා.
එමෙන්ම සැකකරුට වධහිංසා පමුණුවන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔහුට අවශ්‍ය සියලු මානුෂීය සහ වෛද්‍ය පහසුකම් සලසා ඇති බවට ද අවධාරණය කළා.
එහිදී විශේෂයෙන්ම, සැකකරුගේ ඉකිළි ප්‍රදේශයේ තිබූ කුෂ්ඨ රෝගී තත්ත්වයකට, දන්ත රෝගයකට, කනේ ආබාධයකට මෙන්ම ස්නායු, අක්ෂි සහ පෝෂණ ගැටලු සඳහාද විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් සඳහන් කර ඇත.
තවද මහේස්ත්‍රාත්වරයා අවස්ථා කිහිපයකදීම ඔහු පරීක්ෂා කර ඇති නමුත් සැකකරු කිසිදු වධහිංසාවක් පිළිබඳ පැමිණිලි කර තිබුණේ නැති බවත් සඳහන්.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසුව, සුරේෂ් සලේ මහතා විමර්ශනවලට බාධා කරමින් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළා.
"ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් සඳහා අවස්ථාව ලබා ගැනීමත් සමඟ නෛතික පියවරයන්ගෙන් පසුව තුවාන් සුරේෂ් සලේ යන සැකකරු එතෙක් හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස, විමර්ශනය ඉදිරියට පවත්වා ගෙන යාමට බාධා වන ලෙස කටයුතු කරමින් 26/06/05 දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීම ට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා අර සිද්ධියට පස්සේ තමා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විදේශ ගමන් තහනමක් ලබා ගත්තට පස්සේ තමයි ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් කරලා අගතිගාමී විදිහට හැසිරුණේ.. "
තවද ඔහුගේ රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වන බවත් සැකකරු සතු නවීන ඇපල් වර්ගයේ ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් අවශ්‍ය මුරපද ලබා නොදෙමින් ඔහු විමර්ශනවලට සහය නොදක්වන බවත් අමාත්‍ය විජේපාල මහතා පවසා සිටියා.
ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද
ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කිසිදු උපවාසයකට හෝ බලපෑමකට යටත් නොවී, පාස්කු ප්‍රහාරයෙන් මියගිය 278 දෙනා සහ ආබාධිත වූ පිරිස සඳහා යුක්තිය ඉටු කිරීමට රජය අඛණ්ඩව විමර්ශන සිදු කරන බවයි.