රට බංකොළොත් කළාට පොහොට්ටුව සමාවගන්න ඕනි නැහැ - රේෂ්ඨාධිකරණ තීන්දුව නිසිලෙස කියවා නැහැ

Report

රට බංකොලොත් භාවයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කිසිවෙකු විසින් නිසි අයුරින් කියවා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දෙස්පාලීනිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම තීන්දුව පිළිබඳ සමාජය තුළ නිර්මාණය වී ඇති මතය පමණක් බොහෝ දෙනා දන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉන්ධන මිල සංශෝධනයක්

ඉන්ධන මිල සංශෝධනයක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, රට බංකොලොත් භාවයට පත්වීමට ප්‍රධාන හේතුව මීට පෙර ආණ්ඩුවල දිගින් දිගටම සිදුකළ ක්‍රියාකාරකම් බවත්, බදු අඩුකිරීම සහ නියමිත වේලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාම ප්‍රමාද වීම ඊට 'දායකත්වයක්' ලබාදුන් බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ ආර්ථිකය කඩාවැටීම යනු වෙනස් කරුණු දෙකක් බවත් ඔහු අවධාරණය කළේය. එම තීන්දුවේ කිසිදු තැනක රට බංකොලොත් භාවයට පත්වීම සඳහා වගකිව යුතු බවට සඳහනක් නොමැති අතර, එයට යම් 'දායකත්වයක්' ලබාදීම පමණක් සඳහන් වී ඇති බවත් පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LGBTQ+ ලිපියේ අරමුණ මෙන්න මේකයි..- අගරදගුරු ප‍්‍රහාරයෙන් පසු සංචාරක සභාපති කරුණු කියයි

LGBTQ+ ලිපියේ අරමුණ මෙන්න මේකයි..- අගරදගුරු ප‍්‍රහාරයෙන් පසු සංචාරක සභාපති කරුණු කියයි

මෙම තීන්දුව 2023 නොවැම්බර් මාසයේදී නිකුත් වූ අතර, එහිදී රාජපක්ෂ සහෝදරයන් ඇතුළු නායකයින් කිහිපදෙනෙකු ආර්ථික අර්බුදයට දායක වූ බවට විනිශ්චය සභාව තීන්දු කළේය. කෙසේ වෙතත්, කාරියවසම් මහතාගේ ප්‍රකාශයන් මගින් එම තීන්දුව පිළිබඳ නැවත සංවාදයක් ඇති වී ඇත. 

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්