LGBTQ+ ලිපියේ අරමුණ මෙන්න මේකයි..- අගරදගුරු ප‍්‍රහාරයෙන් පසු සංචාරක සභාපති කරුණු කියයි

By Shehan Sep 30, 2025 01:52 AM GMT
Report

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී ඇති වැරදි අර්ථකථනයන් පිළිබඳව එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සභාපතිවරයා පැහැදිලි කළේ, අදාළ ලිපියේ මූලික අදහස වූයේ LGBTQ+ ප්‍රජාව සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධ වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම බවයි. කෙසේ වෙතත්, මෙම ලිපිය මගින් LGBTQ+ ප්‍රවර්ධනයක් සිදුකරන බවට වැරදි අවබෝධයක් සමාජගත වී ඇති අතර, එය භාෂාමය දෝෂයක් නිසා සිදුවූවක් බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහු අවධාරණය කළේ, ලිපිය මගින් බලාපොරොත්තු වූයේ "විවිධත්වය සහ අන්තර්ගතය" පිළිබඳ සමාජය පිළිගත් සමානාත්මතා ගුණාංග සංචාරක ව්‍යාපාරය තුළට ගෙන ඒම පමණක් බවයි.

පාසල් දරුවන්ට කොන්ඩම් බෙදන්න යනවා අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ - අගරදගුරු

පාසල් දරුවන්ට කොන්ඩම් බෙදන්න යනවා අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ - අගරදගුරු

රජයක් වශයෙන් සහ ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ජාතීන්ගේ සහ ජනවර්ගවල සමානාත්මතාව සුරකින පදනමේ සිටින බව හේවාවසම් මහතා කියා සිටියේය. ලිංගික, ජාතික හෝ ආගමික වශයෙන් කිසිදු බෙදීමක් අපේක්ෂා නොකරන බව ඔහු ප්‍රකාශ කළේය.

විදේශීක හෝ සංචාරක ඕනෑම ජනවර්ගයක සමානාත්මතාව සුරැකීම තම ප්‍රධාන වගකීම බව සභාපතිවරයා පැහැදිලි කළේය. කාර්යාංශය කිසිදු ආකාරයක ලිංගික සංචාරක ව්‍යාපාරයක් ප්‍රමුඛ කිරීම හෝ ප්‍රචාරය කිරීම සිදු නොකරන බව ඔහු තහවුරු කළේය.

ලංකාව ප්‍රචාරය කිරීම සඳහා සංස්කෘතික, ආගමික සහ ස්වභාවික වටිනාකම් ඕනෑ තරම් තිබෙන බවත්, ලෝකයට ගෙන යන්නේ එම වටිනාකම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කාර්යාංශයේ අපේක්ෂාව වන්නේ, ලාංකික සමාජය සියලු දෙනාටම සමානාත්මතාව සුරකින, පුද්ගලිකත්වයට ගරු කරන සහ අනන්‍යතාවයට ගරු කරන සමාජයක් ලෙස සංචාරක ව්‍යාපාරයට ඉදිරිපත් කිරීම බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය

වර්තමානයේ ක්‍රියාත්මක වන සංචාරකයින් මිලියන තුනක ඉලක්කයට ළඟාවීමේ වැඩපිළිවෙල යටතේ, සංචාරකයින්ට රට සුරක්ෂිත රටක් ලෙසත්, සමානාත්මතාවය සුරකින රටක් ලෙසත්, ලිංගික අනන්‍යතාව පිළිබඳව ප්‍රශ්න ඇති නොකරන රටක් ලෙසත් ඉදිරිපත් කිරීම අරමුණ බව ඔහු සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනය සහ දැනුම ලබාදීම පමණක් මෙහිදී සිදුවන බව ඔහු තහවුරු කළේය.

කාදිනල්තුමාගේ සංවේදනය පිළිබඳව විශේෂයෙන් කම්පාවට පත්වන බවත්, එයද වැරදි අර්ථකථනයක් නිසා සිදුවූවක් බවට තමන් විශ්වාස කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. උපතින් යම් කෙනෙකු අසමානතාවයක සිටිනවා නම්, ඔවුන්ට ගෞරවයකින් සැලකිය යුතුය යන කාදිනල්තුමාගේ අදහසට තමන්ද එකඟ වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කාර්යාංශයට කිසිදු ආකාරයක අනියම් ප්‍රවර්ධනයක් කිරීමට හෝ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව හේවාවසම් මහතා අවසාන වශයෙන් තහවුරු කළේය. 

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්