කලින් පෙම්වතා නිසා ජැකලින් ෆර්නෑන්ඩස් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම ඉවතට
ශ්‍රී ලාංකික ඉන්දීය සුපිරි බොලිවුඩ් තරුවක් වන ජැකලින් ෆර්නෑන්ඩස් මුල්‍ය වංචා සම්බන්ධයෙන් චූදිත සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුව සම්බන්ධයෙන් කල ඉල්ලීම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
එලෙස ඇය ඉල්ලා ඇත්තේ තමාව මෙම නඩුවෙන් ඉවත් කරන ලෙසය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ ජැකලින් ෆර්නෑන්ඩස්ගේ නඩුවට මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීම හා සහනයක් අපේක්ෂා කිරීමට නුසුදුසු බවයි.
නමුත් ඇය කප්පම් ගැනීම් (extortion) පිළිබඳ ප්‍රධාන වරදට චූදිතයෙකු නොවන බවත්, ඇය මුදල් විශුද්ධිකරණයට උදව් කළ බවට කිසිදු චෝදනාවක් නොමැති බවත් ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතිඥවරු තර්ක කර ඇත.
මින් පෙරද නඩු විභාගය අවලංගු කරන ලෙස ඇය ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ වීම මත ඇය දිල්ලි මහාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.
නමුත් මේ වනවිට මෙම ඉල්ලීමද ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, ඇයට එරෙහිව නඩු විභාගය දිගටම කරගෙන යාමට නියමිතව ඇත.
වැඩිදුරටත් වාර්තා වන්නේ ඇයට එරෙහි චෝදනා තවමත් ගොනු කර නොමැති බව සහ ජැක්ලින්ගේ කලින් පෙම්වතකු බව කියන චූදිත සුකේෂ් චන්ද්‍රසේකර්ගේ ඉන්දීය රුපියල් කෝටි 200ක් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩුවේ ජැක්ලින් ද පාර්ශ්වකරුවෙක් වී තිබෙන බවයි.