හෙට සිට සුපිරි 08 දෙනාගේ තරඟය ඇරඹෙයි...

Report

හෙට (19) සිට පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටය ආරම්භවීමට නියමිතව ඇත.

සුපිරි 8 දෙනාගේ තරගවටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර පළමු කාණ්ඩයට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඇතුළත් වන අතර,දෙවන කාණ්ඩයට ඇමරිකාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ කොදෙව්වන් ඇතුළත් වී තිබේ.

නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්ෂේප වේ...

නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්ෂේප වේ...

මේ අතර ලොව ප්‍රභල ක්‍රිකට් කණ්ඩායම් 3ක් වන පාකිස්ථානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම්වලට සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

හෙට (19) රාත්‍රී 8.00 දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙම සුපිරි 8 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් තරග වැදීමට නියමිත ය.