හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්

Report

දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ (Asian Throwing Championship) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රීදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ සමත්ව තිබේ.

ආනයනික වාහන මිල ඉහළට?

ආනයනික වාහන මිල ඉහළට?

ඊයේ (02) ආරම්භ වූ මෙම තරගාවලියේදී ඔහු මීටර් 75.61ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල අභිමානයක් ගෙන දුන් අතර, ජාත්‍යන්තර මට්ටමේ විසිකිරීමේ ඉසව්වකින් ශ්‍රී ලංකාව ලැබූ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ.

ඉන්ධන මිල ඉහල යෑමෙන් බස් ගාස්තු ඉහළ යයිද? මෙන්න නිවේදනය

ඉන්ධන මිල ඉහල යෑමෙන් බස් ගාස්තු ඉහළ යයිද? මෙන්න නිවේදනය