ලංකාවම බලන් හිටිය සුමති සම්මාන උළෙලේ කිරුළු පැළඳූ නළු නිළියන් මෙන්න

By Malith Madushan Jul 16, 2026 05:46 AM GMT
Report

31 වන සුමති සම්මාන උළෙල 2026 ජූලි 15 වැනි බදාදා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මානය හිමි කරගත්තේ “The Lake” ටෙලිනාට්‍යයේ “බොනී ග්‍රෑන්ඩ්සන්” චරිතය නිරූපණය කළ සෞම්‍ය ලියනගේ මහතාය.

හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානය හිමි වූයේ “ඉරගිනි මද්දහන” ටෙලිනාට්‍යයේ “සමන්තා” චරිතයට රංගනයෙන් දායක වූ තරින්දි ප්‍රනාන්දු මහත්මියටය.

මෙවර ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා ලෙස අකිල ධනුද්ධර සම්මානයට පාත්‍ර වූ අතර, ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස දුෂේනි මියුරංගි සම්මානය දිනාගත්තාය.

සුමති සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් හා රංගන ශිල්පීන් ඇගයීමට ලක් කරන ප්‍රධාන සම්මාන උළෙලක් ලෙස සැලකේ.

සමාජය කතා කරන්න බයවුණු චරිතයකින් සුමති සම්මාන වේදිකාව ජයගත් චතුරංග කොඩිතුවක්කු!

සමාජය කතා කරන්න බයවුණු චරිතයකින් සුමති සම්මාන වේදිකාව ජයගත් චතුරංග කොඩිතුවක්කු!

තිසර පෙරේරා සහ නිශිනි දෙවෙනි වරටත් උතුම් මව්පිය පදවියට

තිසර පෙරේරා සහ නිශිනි දෙවෙනි වරටත් උතුම් මව්පිය පදවියට