ඉල්ලන දේ දුන්නේ නැත්තම්.. සුජීව සේනසිංහ සජබයට ටටා බායි කියන්න සුදානමක්?..
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි නොවන්නේ නම් වෙනත් දේශපාලන තීන්දුවක් ගැනීමට හැකියාව තිබෙන බව, සමගි ජන සන්ධානයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ කැඳවා තිබූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු අපේක්ෂකයින් ඇතුළු නියෝජිතයින් හා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර මෙම හමුව පැවැත්වුණා.
You may like this video