සුජීවගේ V8 එකට මොකද වෙන්නේ? මෙන්න අද අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය...!

CID - Sri Lanka Police Sri Lanka Politician Sujeewa Senasinghe Latest Headlines
By Sewvandhi Nov 12, 2024 01:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (12) හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක නීතිඥ සුජීව සේනසිංහට අයත් එකලස් කළ වාහනයක් බවට විමර්ශන කරන කලු පැහැති V8 වර්ගයේ වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා.

එම වාහනය එකලස් කළ බවට ලද තොරතුරක් මත සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රශ්නගත වාහනය වැඩිදුර පරීක්ෂාවට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් ඊට අදාළ වාර්තාව ලැබෙන තෙක් අධිකරණය බාරයට ගන්නා ලෙසත් මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දී තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය විසින් එම වාහනය අධිකරණයේ ගාල් කර තැබීමට ඉඩ නොමැති බැවින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

වාහනය රුපියල් මිලියන 100 ආසන්න වටිනාමකින් යුක්ත වාහනයක් බවත් එහි පේන්ට් එකට දැඩි අලාභ සිදුව ඇති බවත් එම අලාභය කෝටි ගණනක් බවත් සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියා.

''මෙම වාහනය කිසිසේත් එකලස් කර නැහෑ. සියයට සියයක් ස්ථිර යි, මෙම වාහනය තම සේවා දායතයා වෙත මුදා හරින්න'' යැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රජයේ රස පරීක්ෂකවරයා ගේ වාර්තාව ලැබෙන තෙක් වාහනය හදා හැරීමට විරුද්ධ බවයි.

ReeCha