රටම රහසින් සලේට ආදරේ කරන්න පටන් අරන් ජනමතය සලේ දෙසට හැරෙමින් යනවා - සුගීෂ්වර බණ්ඩාර

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශප්‍රේමී බලවේග එක්ව කොළඹදී විශේෂ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළ පසුව, වත්මන් ආණ්ඩුවට එම දැවැන්ත මහජන විරෝධය කිසිසේත්ම දරා ගැනීමට නොහැකිව ඉතාමත් නින්දිත සහ ද්වේෂසහගත ආකාරයෙන් කටයුතු කර ඇති බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

අද 09 වැනිදා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සෘජුවම එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, වත්මන් පාලකයන් විසින් ඔහුව සිරගත කර දඩයම් කිරීමට උත්සාහ කළ ද අද වන විට සමස්ත ජනමතයම සුරේෂ් සලේ මහතා දෙසට ඉතා වේගයෙන් හැරෙමින් පවතින බවයි.

එසේම වත්මන් සමාජය තුළ පවතින විවිධ බාධා කිරීම් මධ්‍යයේ වුව ද මුළු රටම මේ වන විට ඉතාමත් රහසින් සුරේෂ් සලේ මහතාට දැඩි ලෙස ආදරය කිරීමට පටන්ගෙන ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම ඊයේ දිනයේදී සුරේෂ් සලේ රණවිරුවාගේ ආදරණීය මෑණියන් විසින් මාධ්‍ය වෙත සිදු කරන ලද සංවේදී ප්‍රකාශයත් සමඟ මෙම වත්මන් ආණ්ඩුවේ පැවැත්ම සහ දේශපාලන සුජාතභාවය මුළුමනින්ම අවසන් වී ඇති බව සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා - සලේ වෙනුවෙන් විමල්,ගම්මන්පිලගේ හයියට නාමලුත් සත්‍යග්‍රහයට එක්වෙයි

අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා - සලේ වෙනුවෙන් විමල්,ගම්මන්පිලගේ හයියට නාමලුත් සත්‍යග්‍රහයට එක්වෙයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රට වෙනුවෙන් තවදුරටත් යහපත් කුමක් හෝ ප්‍රායෝගික දෙයක් සිදු කරනු ඇති බවට සාමාන්‍ය ජනතාව මෙතෙක් කල් යම් බලාපොරොත්තුවක් තබාගෙන පසුවූයේ නම්, වීරෝදාර බුද්ධි නිලධාරියකු දඩයම් කිරීමේ මෙම දරුණු සිදුවීමත් සමඟ ජනතාව තුළ තිබූ එම අවසන් බලාපොරොත්තුව ද සම්පූර්ණයෙන්ම බිඳවැටී අවසන් වූ බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් දැඩිව අවධාරණය කර සිටියේය.

සුරේෂ් සලේ වෙනුවෙන් සිවිල් සංවිධාන පාරට බසියි - පාර්ලිමේන්තු වටරවුම අසල නොසන්සුන්කාරී තත්ත්වයක්

සුරේෂ් සලේ වෙනුවෙන් සිවිල් සංවිධාන පාරට බසියි - පාර්ලිමේන්තු වටරවුම අසල නොසන්සුන්කාරී තත්ත්වයක්