සුරේෂ් සලේ වෙනුවෙන් සිවිල් සංවිධාන පාරට බසියි - පාර්ලිමේන්තු වටරවුම අසල නොසන්සුන්කාරී තත්ත්වයක්
By Aylin Zoya
සිවිල් සංවිධාන කිහිපයක් අද (09) පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයක නිරත වෙමින් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හා ඔහු සම්බන්ධයෙන් සිදුකරන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කළහ.
විරෝධතාකරුවන් චෝදනා කළේ පාර්ලිමේන්තුව තුළ කොටි සැමරුම් සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත්ය.
එහිදී පාර්ලිමේන්තුවේ සිදුව ඇතැයි ඔවුන් පවසන කොටි සැමරුම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කතානායකවරයා වෙත ලිපියක් භාරදීමට උත්සාහ කිරීමේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කර ඇති අතර පසුව විරෝධතාකරුවන් තම විරෝධතාවය ඉදිරියට ගෙන ගොස් ඇත.