අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ වයිෆ් පොලීසියෙන් නිදහස්, බබත් එක්ක ආයේ ලංකාවට
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ ඉන්දුනීසියානු පොලිසිය විසින් නිදහස් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය මේ වන විට එරටට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය මත සිටින බව ප්‍රකාශ කරයි.
තානාපති අංශ ආරංචි මාර්ග පැවසුවේ අඳාළ තැනැත්තියව ඇගේ දරුවා සමඟ මෙරටට එවීමට අවශ්‍ය පහසුකම් තානාපති කාර්යාලයෙන් සකස්කර ඇති බවයි.
මේ අතර වාර්තා වූ ආකාරයට ඉන්දුනීසියානු පොලිිසිය මගින් ඇය නිදහස් කර ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය මගින් ඇයට විරුද්ධව රතු නිවේදනයක් නිකුත් කර නොතිබීමත් ඇය සම්බන්ධයෙන් වූ අපරාධ වාර්තාවක් ජාත්‍යන්තර පොලිසිය මගින් ඉන්දුනීසියානු පොලිසියට යොමු කර නොතිබීමත් නිසා බව සඳහන්.
