දෙහි සහ අමු ඉඟුරු මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස. - නව මිල ගණන් මෙන්න.
By Wayomi
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිල පහත වැටුණද දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව අමු ඉඟුරු කිලෝවක් රුපියල් 3,000ත් 3,200ත් ඉහළ මිලකට මේ වනවිට අලෙවි වනවා.
කෙසේ වෙතත් දෙහි කිලෝවක් රුපියල් 1000ත් 1,200ත් අතර, මිලකට අලෙවි වන බවයි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.
මේ අතර අමු මිරිස්, වම්බටු තක්කාලි, කැකිරි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10ත් 40ත් අතර, පවතින නමුත් ඒවා අලෙවි කරගැනීමට අපහසු වී ඇත.
එමෙන්ම කැරට් කිලෝවක තොග මිල රුපියල් 160ත් 180ත් අතර, මිලකටත් බෝංචි කිලෝවක තොග මිල රුපියල් 200ත් 220ත් අතර, මිලකටත් අලෙවි වනවා.
......................................................................
May you Like
