පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට හදිසි ප්‍රහාරයක්. - මන්ත්‍රී රෝහල්ගත කෙරේ.
By Wayomi
අද (03) පෙරවරුවේ හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට කිසියම් පුද්ගලයකු පහරදී තිබෙනවා.
මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයා එලෙස පහරකෑමකට ලක් වූ බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරුව පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.