පාවාදීමේ පලිය කෙළවර වුණු තැන

Sri Lanka Police Fire School Children
By Wayomi Mar 16, 2025 01:30 PM GMT
Wayomi

Wayomi

Report

පාවාදුන් බව පවසමින් එයට පලිගැනීමේ අරමුණින් පාසල තුළ පන්ති කාමරයේදී තිනර් වලට ගිනි අවුළුවා සිසුවකුට ගිනි තැබූ පහ වසර සිසුන් තිදෙනෙකු ගම්පොල කුරුදුවත්ත පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

පන්ති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරා ගැනීම මෙසේ පාවා දුන්නයි කෝප වූ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් කුරුදුවත්ත යටපාන ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක වයස අවුරුදු දහය හා එකොළහ වයස්වල සිසුන් තිදෙනෙකු පන්ති කාමරයේදී තීන්ත භාජනයකට තිනර් දමා එයට ගිනි තබා තවත් සිසුවෙකුගේ ඇඟට විසි කිරීමෙන් එම සිසුවාගේ දෙපා ගිනිගෙන තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවාපැවසුයේ මෙම විදුහලේ තිබූ තිනර් කැන් එකක් පහ වසර පන්තියේ සිසුන් විසින් එහි වැසිකිළි ප්‍රදේශයට රැගෙන ගොස් ඒවා හලමින් ගිණි තබමින් සිට තිබෙන බවයි.

පසුව එක් සිසුවකු බෝතලයකට එම නිනර් පුරවාගෙන පාසල් පොත් බෑගයේ සඟවාගෙන ඇති අතර එම සිද්ධිය පාසල් බලධාරීන්ට පැවසීම නිසා මෙසේ ගිනි තබා ඇති බවයි සඳහන් වන්නේ.

පන්තිභාර ගුරුවරියද නොමැති අවස්ථාවක මෙම පාවාදීම පිළිබඳව කෝප වූ එම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙදෙනෙකු තීන්ත භාජනයකට තිනර් පුරවා එයට ගිනි තබා පන්තියේ සිටි මෙම සිසුවා දෙසට විසි කර තිබෙනවා.

එම සිසුවා ඉන් බේරීමට උත්සහ කළත් ඔහුගේ දෙපා මතට ගිනි ගන්නා තිනර් හැලීම නිසා ඔහුගේ සිරුරට ගිනි ඇවිලි ඇති අතර ඔහු කෑ ගසමින් සහ පන්තියේ සිට හතර පන්තිය දෙසට දිව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හතර වසර පන්තියේ සිටි ගුරුවරියක ගිනිගෙන දුවන මෙම සිසුවා අල්ලාගෙන එම ගින්න නිවා තිබෙනවා.

පසුව සිසුවා කුරුඳුවත්ත රෝහලට රැගෙන ගිය අවස්ථාවේ ඔහු ගම්පොළ ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී තිබෙනවා.

මෙම සිද්ධිය පසුගිය පෙබරවාරි 13 දින සිදුව ඇති අතර පාසලේ විදුහල්පතිනිය මේ පිළිබඳව නිසි ක්‍රියා මාර්ගයක් නොගෙන සිද්ධිය වසන් කර ඇති අතර ගුරුවරුන් විසින් පවසා ඇත්තේ තින්ත ගාමින් සිටියදී බුදු පහන පෙරළි ඒ අසල තිබූ තිනර් වර්ගයකට ගිනි ඇවිලි සිසුවා පිළිසුන බවයි.

දින පහක් රෝහල් ගතව සිටි මෙම සිසුවා සිදුවූ දෙය හෙළි කරමින් පොලිසියට කට උත්තරයක් දී තිබුණද, ඒ පිළිබඳව අවධානය යොමු නොවී තිබියදී කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස සිද්ධියට හවුල් වයස අවුරුදු දහය එකොළහ වයස්වල සිසුන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන කට උත්තර ලබාගෙන තිබෙනවා.

රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 51ක් මරුට

රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 51ක් මරුට

උඩු ගුවනේ සල්ලලයා... මාට්ටු වෙයි... කරන්න යන දේ මෙන්න

උඩු ගුවනේ සල්ලලයා... මාට්ටු වෙයි... කරන්න යන දේ මෙන්න

ReeCha