උඩු ගුවනේ සල්ලලයා... මාට්ටු වෙයි... කරන්න යන දේ මෙන්න

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Ratmalana Airport
By Akash Mar 16, 2025 09:22 AM GMT
Akash

Akash

Report

ගුවන් යානයක් තුළ සේවය කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමට තැත්කළ මගියෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (15) දින රාත්‍රී 10.00ට සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

මෙකී සැකකරු ගුවන් ගමන් වාරයේදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමට උත්සාහ දරා තිබේ.

පසුව මෙම සිදුවීම සම්බන්දව ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයේ නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකන් ගුනන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දි තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධව ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර අධික ලෙස බීමත්ව සිටින බවටද තහවුරු කරගෙන තිබේ.

මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදුවී ඇති බැවින් සැකකරු සම්බන්ධව අද (16) කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.  

ReeCha