ඉරණවිලට හදිසියේ ආ තද සුළඟක් - නිවාසවල වහල ගැලවි ගස් කඩා වැටෙයි
By Malith Madushan
හලාවත, ඉරණවිල සමිදුගම ප්රදේශයට ඊයේ (25) රාත්රියේ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ.
රාත්රී 11.00ට පමණ හමා ගිය මෙම තද සුළඟින් නිවාස කිහිපයක වහල ගැලවී ගොස් ඇති අතර, ගස් කඩා වැටීම් ද වාර්තා වී ඇත. වහලවලට හානි සිදුවීම හේතුවෙන් වැසි ජලය නිවාස තුළට කාන්දුවීමෙන් ප්රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මේ අතර, ඉරණවිල ප්රදේශය ආශ්රිත මුහුද ද ඉතා රළු ස්වභාවයක් ගෙන ඇති බව සඳහන් වේ.