තත්ත්වය දරුණු වෙද්දී රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි - ජනතාවට අනතුරු ඇගවීමක්

Report

අධික වර්ෂාපතනය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම පාලනය කිරීම සඳහා රාජාංගනය ජලාශයේ වාන් දොරටු 16ක් සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (26) මධ්‍යහ්න 12:00 වන විට රාජාංගනය ජලාශයට ලැබෙන අධික ජල ධාරිතාව හේතුවෙන් එහි වාන් දොරටු 16ක් විවෘත කර ඇති අතර, ඒ ඔස්සේ තත්පරයට ඝන අඩි 15,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරේ.

ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අනුව විවෘත කරන දොරටු සංඛ්‍යාව ඉදිරියේදී වෙනස් විය හැකි බැවින්, කලා ඔය ගංගා ද්‍රෝණිය අවට පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර පළාතේ ජල හිඟයට තිරසාර විසඳුමක් - විකල්ප භූගත හා ස්වාභාවික ජල මූලාශ්‍ර භාවිතයට නව සැලැස්මක්

බස්නාහිර පළාතේ ජල හිඟයට තිරසාර විසඳුමක් - විකල්ප භූගත හා ස්වාභාවික ජල මූලාශ්‍ර භාවිතයට නව සැලැස්මක්

මේ අතර, මී ඔය ගංගා ද්‍රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 04ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 880ක ජල ප්‍රමාණයක් මී ඔයට නිකුත් කෙරේ.

එබැවින් තබ්බෝව ජලාශයට පහළ ප්‍රදේශවල සහ මී ඔය ගංගා ද්‍රෝණිය දෙපස පදිංචි ජනතාව ද අදාළ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන කෙරෙහි සවිඥානිකව පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

ලංකාවම කැළඹෙයි - දිවයින පුරා පවතින අධික වර්ෂාව මැද ප්‍රබල අකුණු ගැනත් රතු එළි - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන්

ලංකාවම කැළඹෙයි - දිවයින පුරා පවතින අධික වර්ෂාව මැද ප්‍රබල අකුණු ගැනත් රතු එළි - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන්