කළු ගඟ ගැන අනතුරු ඇඟවීමක් - මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින්න

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම අවදානම මතුවිය හැකි බවයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ගංවතුර අවදානම බලපෑ හැකිය.

අධික වැස්සෙන් ජලාශ කිහිපයක වාන් දොරටු ඇරේ - පහළ ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

අධික වැස්සෙන් ජලාශ කිහිපයක වාන් දොරටු ඇරේ - පහළ ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟේ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් ද විමසිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

බෙංගාල බොක්කේ ‘අර්නාබ්’ කුණාටුව තවත් සැරවෙයි - පැය 24ක් තුළ වාර්තා වූ දැවැන්තම වර්ෂාපතනය මෙන්න

බෙංගාල බොක්කේ ‘අර්නාබ්’ කුණාටුව තවත් සැරවෙයි - පැය 24ක් තුළ වාර්තා වූ දැවැන්තම වර්ෂාපතනය මෙන්න