රටේම අවධානය යොමු කළ යුතු විශේෂ නිවේදනයක් - දිනය පුරා වලංගු වන බැවින් සූදානමින් සිටින්නැයි දන්වයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(18) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නෙ නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල අද (18) දින උණුසුම් කාලගුණයක් පවතින බවයි.
එමෙන්ම උපදේශනය වන තාප දර්ශකයට අනුව, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවා කාලයේ සමහර ස්ථානවල 'අවවාදයයි' මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව ද සඳහන්.
ඒ අනුව එම නිවේදනයෙන් හැකිතාක් දුරට සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී දවසේ උණුසුම්ම කාලය තුළ වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙස පදිංචිකරුවන්ට උපදෙස් දී තිබෙනවා.
