වැඩි මිලට සහල් විකුණු වෙළෙඳුන්ට දැඩි නීති ක්‍රියාමාර්ග

Report

වැඩිමිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ, හපුතලේ ආදී ස්ථාවල පිහිටි වෙළෙඳසැල් කිහිපයක් එම අධිකාරිය විසින් පසුගිය 24 වැනිදා හදිසි වැටලීමක් සිදු කර තිබේ.

එහිදී කීරි සම්බා සහ අනෙකුත් සහල් අලෙවි කළ යුතු පාලන මිල ඉක්මවා අලෙවි කරන බවට කරුණු අනාවරණය වී ඇති අතර ඒ අනුව අදාළ වෙළෙඳසැල් වෙත නීතිමය පියවර ගැනීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. සිදුකරන ලද නීතිමය පියවරයන් මගින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට, ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂයක, දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්

මීට අමතරව හපුතලේ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියාට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක්ද නියම කිරීමටද අධිකරණය පියවර ගෙන තිබුණි. මේ අතර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පානීය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනකුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් සිදුකර ඇත.

එහිදී වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් සහ අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද අදාළ නීතිමය කටයුතුවලින් පසුව අධිකරණය නියමක කර තිබේ. 

කිසි විටෙකත් මේවා කරන්න එපා - රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ

කිසි විටෙකත් මේවා කරන්න එපා - රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ