චීවරධාරියෙකු යකදුරාට ගෙනෙහින් නිධන් ගන්න ගිය හතරක් මාට්ටු..

By Piyumika Jul 17, 2024 05:47 AM GMT
Report

පුද්ගලික ඉඩමක කැණීමක් කර නිධානයක් ගැනීමට ගිය චීවරධාරියකු ඇතුළු සිව් දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගැනීමට කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා නිළධාරින් සමත් විය.

අනුරාධපුර, හොරව්පතාන පොලිස් බල ප්‍රදේශයට අයත් මොරවැව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටා ඇති ළිදක් තුළ නිධානයක් ගැනීමට කටයුතු කරමින් සිටි සංවිධානාත්මක නිධන් සොරුන් පිරිසක් පිළිබදව කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා කදවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරන ලදි.

හිටපු ජනාධිපතිවරයකුට මරණ තර්ජන..

හිටපු ජනාධිපතිවරයකුට මරණ තර්ජන..

 අදාළ සැකකරුවන් ඉතා සූක්ෂම ලෙස හොර රහසේ ළිඳ තුළට බැස සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ .

විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ අතර, එහිදී යකදුරා යැයි පැවසෙන මාතර හක්‌මන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි චීවරධාරියකු සහ හොරොව්පතාන සහ ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ත් 29ත් අතර තරුණයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්විය .

පිටිපස්සෙන් ඇවිත් හප්පලා මදිවට පොලුවලින් පහරදීලා..කුඩා දරුවන් දෙදෙනෙක් රෝහලේ ..

පිටිපස්සෙන් ඇවිත් හප්පලා මදිවට පොලුවලින් පහරදීලා..කුඩා දරුවන් දෙදෙනෙක් රෝහලේ ..

මෙම සැකකරුවන් සතුව තිබී කළු ගල් විදීමට යොදා ගන්නා කාර්යක්ෂම ඩ්‍රීල් යන්ත්‍රයක්, විශාල වයර් කෙවිනි පද්ධතියක් ඇතුළු පූජා භාණ්ඩ රැසක්ද සොයා ගැනීමට හැකි විය.

අත්අඩංගුවට පත් සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ තැනින් තැන මීට පෙරද අවස්ථා කිහිපයකදී නිධන් සොයා විවිධ කැණීම් කර ඇතැයි විශේෂ කාර්ය බලකා නිළධාරින් සැක පළ කරන බවද සඳහන් වේ .

19 හැවිරිදි තරුණයෙකුට ජිවිතය අහිමි කල මාරාන්තික අනතුර..

19 හැවිරිදි තරුණයෙකුට ජිවිතය අහිමි කල මාරාන්තික අනතුර..

අත්අඩංගුවට පත් සැකකරුවන් හා ඔවුන් සන්ථකයේ තිබූ උපකරණ ඇතුළු පූජා භාණ්ඩ කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබූ අතර, ඔවුන් පිරිස අද (17) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.