යාපනයේ බලය ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට
යාපනය මහනගර සභාවේ බලය ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) විසින් පිහිටුවා ඇති බවට වාර්තා වේ.
ඒ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින්.
ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් මහතා ITAK හි විවේකානන්දරාජා මදිවදනි යාපනයේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ බව ප්‍රකාශ කළා.
එසේම නගරාධිපති ධුරය වෙනුවෙන් පැවති ඡන්දයේදී ඇයට ඡන්ද 19 ක් ලැබී ඇති බව සඳහන්.
එමෙන්ම ඇයට EPDPපක්ෂය, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල සහාය ද ලැබුණු බව පවසයි.
කෙසේ නමුත් මෙම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇති බව වාර්තා වේ.