ආයේ බැංකු ණයක් අරන් වාහන ගන්න බැරිවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණයට නීතියක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ අද සිට (25) මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය බලාත්මක වන බවයි. ඒ අනුව මහ බැංකුව විසින් වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙළීමට පියවර ගෙන ඇත.

එම තීරණයට අනුව මෙතෙක් පැවැති වාහනයක් මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් 70%ක අගය 60% දක්වා 10%කින් පහත දමා තිබේ. එමෙන්ම මෝටර් රථ, එස්.යූ.වී, වෑන්රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා දිය හැකි උපරිම ණය සීමාව මෙතෙක් පැවැති 50% සිට 40% දක්වා 10%කින්ද ද අඩු කර ඇත.

වාහන අංක තහඩු ගැන දැනුම්දීමක් - නියෝජ්‍ය පොලිස්පති පැහැදිලි කරයි

වාහන අංක තහඩු ගැන දැනුම්දීමක් - නියෝජ්‍ය පොලිස්පති පැහැදිලි කරයි

එමෙන්ම මහ බැංකුව විසින් මින් පෙර 2025 වසරේදී ද මෙම ණය සීමාවන් පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව පසුගිය වසරේ ජූලි මස 17 වැනි දින මේ සම්බන්ධව පැවැති අගයන් වූයේ වාණිජ වාහන සඳහා 80%ක් සහ මෝටර් රථ සහ වෑන් රථ සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වාය.

පවතින තත්ත්වයන් තුළ එම අගයන් සංශෝධනය කරමින් 2025 නොවැම්බර් 7 වැනි දින මෙම අගයන් තවත් පහළ හෙළීමට මහ බැංකුව තීරණය කළේය.

ලීසිං සහ වාහන ණය ගන්න ඉන්න අයට මහ බැංකුවෙන් හෙට සිට තද නීති

ලීසිං සහ වාහන ණය ගන්න ඉන්න අයට මහ බැංකුවෙන් හෙට සිට තද නීති

ඒ අනුව වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 70%ක් දක්වාත් මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා ණය සීමාව 50% දක්වාත් පහළ දැමීමට මහ බැංකුව කටයුතු කෙරිණි.

පවතින තත්ත්වයන් තුළ නැවතත් එම අගයන් සංශෝධනය කරමින් මහ බැංකුව විසින් අද සිට බලාත්මක වන පරිදි වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වා සහ මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා 40%ක උපරිම ණය සීමාවන් පැනවීමට මහ බැංකුව තීරණය කර ඇත.