සුභ ආරංචියක් - හදිසියේම තෙල් මිල පහළට

Report

විදෙස් වාර්තා පවසන්නේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇති බවයි. අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට හැකියාවක් ඇති බව සඳහන් වීමත් සමඟ මෙම මිල අඩුවීම සිදුව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ලෙස සටහන් වුණේ ඩොලර් 94.59ක් අගයකි. එමෙන්ම (WTI Crude) ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 90.43ක් ලෙසය.

අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය සේවාව - මෙන්න විස්තරේ

අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය සේවාව - මෙන්න විස්තරේ

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.80 දක්වා පහළ ගොස් ඇති බව සඳහන්ය. මෙම මර්බන් බොරතෙල් ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන්නේ, පසුගිය කාලයේදී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ආනයනය කර තිබීම හේතුවෙන්ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිපදවනු ලබන මෙම බොරතෙල් වර්ගය පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් අඩු මට්ටමක පවතින බැවින් පිරිපහදුව සඳහා ඉතා පහසුය.