ශ්‍රී ලන්කන් ගැන ජනපති කට අරී!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ඊයේ (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා යෝජනා පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහි ණය කළමනාකරණයට ගත හැකි කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් පිළිබඳවත් අවධානය යොමු වුණා.
නව ආයෝජන අවස්ථා ගැනත් මෙහිදී සාකච්ඡා වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයුම්වලින් ලාභ ලැබුවත්, වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම තිබෙන ආයතනයක්.
පසුගිය ආණ්ඩුව එය පෞද්ගලීකරණය කිරීමට ගත් තීරණය වෙනස් කරමින්, වත්මන් රජය එය ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යමින්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා.
මෙම හමුවට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
         
         
         
         
         
         
         
        