ජයත්‍රගෙන් ජයග්‍රාහී ලෝකඩ පදක්කමක්

Report

චීනයේ සාන්යා හිදී පැවැත්වෙන 6වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී අද (25) පැවති පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ජයත්‍ර සම්පත් මිරැන්ඩා අද (25) සමත් ව තිබේ.

 මෙම පදක්කමත් සමග ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 2ක් සමග පදක්කම් 3ක් දිනාගැනීමට සමත්ව සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 5වන ස්ථානය හිමිව තිබේ.

රන් පදක්කම් 2ක් දිනා සිටින වියට්නාමය මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇත.

එහි දෙවන ස්ථානය ව සත්කාරක චීනයට හිමිව තිබේ.

ලංකාවට ආඩම්බරයක් එක්කරමින් රුමේෂ්ගෙන් තරග වාර්තාවක්

ලංකාවට ආඩම්බරයක් එක්කරමින් රුමේෂ්ගෙන් තරග වාර්තාවක්