"..තුවාල කාරයෝ කීදෙනෙක්ද? එක්කෙනෙක් මැරිලද..?" රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් SSPගේ තිරය පිටුපස රංගනය - (VIDEO)
By Sewvandhi
රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් SSP කීර්තිරත්න මාධ්‍යවේදියෙකුට ප්‍රතිචාර දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සංසරණය වෙනවා.
එම වීඩියෝව පහතින් බලන්න...
මේ අතර,පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මෙම නියෝගය කළේ සිද්ධියට අදාළ නඩුව බදාදා (27) කැඳවූ අවස්ථාවේදීය.
පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |