තරුණයන් විශාල ප්‍රමාණයක් ගෙනල්ල කරපු වැඩක්..වැඩේ යන අතරෙදි පිරිසක් කඩාපනී.(VIDEO/PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Aug 31, 2024 02:43 AM GMT
Aruna

Aruna

Report

මහරගම තරුණ සේවා සභාවේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා“ ජාතික තරුණ සමුළුව සම්බන්ධයෙන් ලද තොරතුරක් මත එහි ගිය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපතිවරයා සිටියදීම එය වීඩියෝගත කර රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිණිලි කර තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා එංගලන්ත තරඟයේ ඊයෙ රෑ සිදු වූ විශේෂ දේ මෙන්න..

ශ්‍රී ලංකා එංගලන්ත තරඟයේ ඊයෙ රෑ සිදු වූ විශේෂ දේ මෙන්න..


මෙම සමුළුව ඊයේ (30) පෙරවරුවේදී මහරගම ජාතික තරුණ සේවා සභාවේදී තරුණයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ස්වාධීනව තරග කරන අපේක්ෂයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටියා. ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විවිධ ප්‍රදේශවලින් තරුණයන් ගෙන්වා මෙම සමුළුව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එහිදී තරුණ පිරිස අමතා පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙසයි.

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..


මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින්නේ, රජයේ නිලධාරියෙකු ලෙස රජයේ දේපොළ අවභාවිත කරමින් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීම හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන අයුරින් රැස්වීම ඇමතීම නීති විරෝධී බවයි.

තරුණ පිරිසට බෙදාදීමට ගෙනා ආහාර පාන ආදියද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ජනාධිපතිවරයා සිටියදීම අදාළ රැස්වීම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් වීඩියෝ ගතකර සාක්ෂි සහ ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

අද නිවසින් බැහැරව එළියට යන අය මේ ගැන දැඩි අවධානයෙන් යන්න.නැතිනම් අමාරුවෙ වැටෙයි.

අද නිවසින් බැහැරව එළියට යන අය මේ ගැන දැඩි අවධානයෙන් යන්න.නැතිනම් අමාරුවෙ වැටෙයි.


මෙම රැස්වීම පැවැත්වීම සඳහා ශාලාව වෙන්කර ගැනීමට මුදල් ගෙවා තිබූ නමුත්, නැටුම් කණ්ඩායම සඳහා මුදල් ගෙවා නොතිබූ බවද කොමිෂන් සභාවේ නිලධාරීන් මහරගම පොලිසියට පැමිණිලි කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවයි.


GalleryGalleryGalleryGalleryGalleryGallery