මැදපෙරදිග තත්ත්වය තවත් උග්‍ර වෙයි - සෞදියේ නගර 2කට ශ්‍රීලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කෙරෙයි

Report

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් නගර වෙත ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර ඇත .

නිවේදනයක් නිකුත් කරමින් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක් පවතින බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවයි

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 දුරකථන අංකය ඔස්සේත්, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකය ඔස්සේත් ගුවන් සේවය සම්බන්ධ කිරීමට හැකිය . ඒ වගේම +94 74 444 1979 WhatsApp අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගය හිමි වූ නම් ලයිස්තුව මෙන්න

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගය හිමි වූ නම් ලයිස්තුව මෙන්න

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්