කළුතර මියගිය දැරිය අලෙවිකරලා ද ? ඇය ගැන ඇහෙන ඇග කිලිපොලා යන සිදුවීම..
කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියව ප්‍රධාන සැකකරුට අලෙවි කළේදැයි තහවුරු කරගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද (15) අවසර ලබා දී තිබෙනවා.
ඒ සිද්ධියට අදාළ නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවූ අවස්තාවේදීයි අතර සිදුවීමට අදාළව මුදලට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වනවා.
දැනට සිදුකළ විමර්ශනවලදී සැක මතු වී ඇත්තේ මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා, ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලට දැරිය අලෙවි කර ඇති බවටයි.
ප්‍රධාන සැකකරු ඊට අත්තිකාරමක් ලෙස රුපියල් 12,000 ක් එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවටද තොරතුරු වාර්තා වන අතරඒ අනුව අදාළ පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පිරික්සීමට විමර්ශකයින්ට මෙලෙස අධිකරණයෙන් අවසර හිමිව තිබුණා.
නමුත් තමා අලෙවි කරන බවක් මියගිය දැරිය දැන සිටියේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු හෙළි වී නොමැති අතර එමෙන්ම තරුණිය ඉහළ මහලෙන් ඇදවැටීමට ඇයට දුරකථන ඇමතුමක් ආ බවට ප්‍රධාන සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
අදාළ අධිකරණ කටයුතු අද කළුතර මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ ආරම්භ කෙරුණේ මාධ්‍ය ආවරණය සඳහා අධිකරණ වාර්තාකරුවන්ට අවසර නොදෙමින් වන නඩු වාරය අතරතුරදී පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥයින් අතර උණුසුම් වාද විවාද සිදුවූ බව වාර්තා වනවා.
කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය, රිමාන්ඩ් භාරයේ සිටි එක් සැකකාරියක් ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර රුපියල් ලක්ෂ 02 ක් වූ ශරීර ඇපයක් මත එලෙස මුදාහැරුණේ සිද්ධිය වූ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳවය්ජ්.
සෙසු සැකකරුවන් තිදෙනා වන රිමාන්ඩ් භාරයේ සිටින, මියගිය දැරියගේ මිතුරිය, ඇගේ පෙම්වතා සහ රියදුරා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර සිද්ධියේ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ඇතුළු නිලධාරින්ට කළුතර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදී තිබුණා.
කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයෙන් මේ වන විට සිදුකෙරෙමින් පවතින අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු වන, දැරිය මියයන අවස්ථාවේ ඇය සමග ලැගුම්හල තුළ රැඳී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේදියි.
රිමාන්ඩ් භාරයේ සිටින සෙසු සැකකරුවන් වන මියගිය දැරියගේ මිතුරිය, ඇයගේ පෙම්වතා, ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කළ අතර සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වුණේ මෙම සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්. මිය ගිය දැරියගේ මව, පවුලේ ඥාතින්, ප්‍රදේශවාසින් ඇතුළු 100කට ආසන්න පිරිසක් නිහඬ විරෝධතාවට එක්ව සිටියා.