අක්කාගේ මාලය සොරාගත් මල්ලි වහලෙන් වැටී මිය ගිය අවාසනාවන්ත සිදුවීම..
සිය සොහොයුරියගේ ගෙලබැඳි රන් මාලය සොරාගත් ගම්පොළ ප්‍රදේශයේ තරුණයෙක්, පොලීසිය කළ ලුහුබැඳීමක් අතරතුර නිවසක වහලයකින් ඇද වැටී මියගොස් තිබෙනවා.
මෙම තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බව සඳහන් අතර අදාළ පුද්ගලයා විසින් මෙලෙස සොරාගෙන ඇති රන් මාලය රුපියල් ලක්ෂ 11ක් පමණ වටිනා බවට අනාවරණය වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |