මෙම වසරේ සිදුවූ භයානකම තත්වය.. මත්ද්‍රව්‍ය වැටලීම් ඉතා විශාල ප්‍රමාණයක්.

Report

මෙම වසර මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් 90000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. 

   එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,441ක් සහ ඊට අදාළ සැකකරුවන් 45,801ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.   

මෙම වසර තුළදී ගංජා කිලෝග්‍රෑම් 11,881ක් සහ ඊට අදාළ සැකකරුවන් 34,062ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109ක් සහ ඊට අදාළ සැකකරුවන් 10,532ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.